මිලියන 1800ක කුඩු ‘මධුෂ්ගේ සමිපතමයාගේ ‘ නිවසින් හසුවේ

මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙක් වන කැලුම් ඉන්දික නැමැති සංවිධානාත්මක අපරාධකරු නැවැතී සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබෙනවා.

මෙහි වටිනාකම රුපියල් මිලියන 1800කට අධික වනවා.

කැලුම් ඉන්දික නැමැති අපරාධකරු රුපියල් කෝටි 500යේ දියමත්ති සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

එම නිවසේ තිබී පිස්තෝල ගිනි අවියක් හා උණ්ඩ විශාල ප්‍රමාණයක්ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *