ගල්කිස්ස සයුරු පුරෙන් ‘රුපියල් ලක්ෂ 12ක’ හෙරොයින් අල්ලයි

ගල්කිස්ස සයුරු පුර මහල් නිවාස සංකීර්ණය අසළ දී රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

එම සැකකරුවන් දෙදෙනා සමඟ මත්කුඩු ග්‍රෑම් 60 ක් පොලිසිය බාරයට ගෙන තිබුණා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31 හා 33 අතර පසුවන්නෝ වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *