පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඊට විරුද්ධ නොවීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.
තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්රතිශෝධන පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකළේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වායි.
අදාළ නඩුව ලබන 28 වනදා පුත්තලම මහාධිකරණය යළි විභාගයට ගැනීමට නියමිතයි. ඒ අනුව, මෙම ප්රතිශෝධන පෙත්සම ලබන මස 9 වනදා යළි කැඳවන ලෙසටයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ.