අයවැයේ සැඟවුණු බද්දක් නිසා වාහන මිළ යළිත් ඉහළට – ඇතැම් වාහනවල බදු මුදල ලක්ෂ 189ක් වෙයි

රු.මිලියන 3.5 ට වඩා වැඩි නිෂ්පාදන මිලක් නියම කර ඇති සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් මෙවර අයවැයෙන් පනවා ඇති අතර එය ආනයන බද්දක්ද වන බැවින් වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළා.

වාහන ආනයනයේදී ‘සුඛෝපභෝගී බද්දක්’ පැනවූ ප්‍රථම අවස්ථාව මෙය බවයි එම සංගමයේ රංජන් පීරිස් මහතා අවධාරණය කළේ.

සුඛෝපභෝගී බද්ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී ප්‍රකාශ නොකළ අතර මෙම රේගු බදු වැඩිවීමද සමග සුඛෝපභෝගී බද්දට යටත් වන මෝටර් රථවල මුළු බදු මුදල් වැඩිවීම වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.

මුළු බදු වැඩිවීම හොන්ඩා සිවික් රථයක රු.1,450,000 ක්ද, හොන්ඩා CRV රථයක රු.2,975,000 ක්ද, අවුඩි Q2 සහ අවුඩි A3 රථවල රු.2,750,000 ක්ද, බෙන්ස් CLA 180 සහ බෙන්ස් GLA රථවල රු.3,900,000 ක්ද, බෙන්ස් C200 රථයක රු.4,675,000 ක්ද, BMW 318i රථයක රු.4,175,000 ක්ද, BMW X1 රථයක රු.4,675,000 ක්ද සහ රේන්ජ්රෝවර් රථයක රු.18,900,000 ක්ද ලෙස මෙහිදී සඳහන් වුණා.

මීට අමතරව, ටොයොටා ප්‍රෙමියෝ, ටොයොටා ඇක්සිඕ, හොන්ඩා වෙසල්, ටොයොටා CHR, හොන්ඩා ග්‍රේස් ආදී රථවලටද අයවැයේ දී වැඩිවූ රේගු බදුවලට අමතරව, රු.400,000 ත් – රු.500,000 ත් අතර සුඛෝපභෝගී බද්දක්ද එකතු විය හැකි බවයි මෙහිදී සඳහන් වුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *