කොළඹින් යාපනයට පැය 5කින් යන්න හදන අධිවේගී දුම්රිය – වේගය පැයට කිලෝ මීටර් 120 ක්

යාපනය හා කොළඹ කොටුව අතර පැය පහක කාලයකින් දුම්රියක් ධාවනය කරවීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගය සැකසීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා හා ප‍්‍රවාහන අමාත්‍යවරයා පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ලැබුණු තොරතුරු මත මෙම අවශ්‍යතාවය ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස දුම්රිය නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ හා යාපනය අතර දුර ප‍්‍රමාණය දළ වශයෙන් කිලෝමීටර් 399 ක් පමණ වූවත් පැය පහක කාලයකදී දුම්රියක් මේ නගර දෙක අතර ධාවනය කරවීමට නම් පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් එමදුම් රිය ධාවනය කළ යුතු වනවා.

උතුරු දුම්රිය මාර්ගයේ දැනට පවතින තත්ත්වය අනුව ඕමන්තේ සිට කන්කසන්තුරය දක්වා වූ දුම්රිය මාර්ග කොටසේ එම වේගයෙන් දුම්රිය ධාවනය කරවීම කිසිදු ප‍්‍රශ්නයක් නොවන අතර ඉන්දීය රජය එම දුම්රිය මාර්ගය සකසා ඇත්තේ එම වේගයෙන් දුම්රියක් ධාවනය කරවීමට හැකිවන අයුරින් බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *