ඇමරිකාවේ ඇරිසෝනා හිදී ඉකුත් දා පැවති මෙසා අර්ධ මැරතන් තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රි ලංකාවේ හිරුණි විජේරත්න සමත්වුණා. මෙරට මැරතන් හා අර්ධ මැරතන් ශ්‍රි ලංකා වාර්තාව හිමිකම් කියන්නේද ඇයයි.
හිරුණි මෙම ඉසව්ව නිම කළේ පැයයි මිනිත්තු 14 යි තත්පර 19 ක කාලයක් වැය කරමින්. ඇමරිකාවේ බ්‍රට්නි ෆෙවර් එහි රන් පදක්කම දිනා ගත් අතර බ්‍රිතාන්‍යයේ රෝසී එඞ්වඞ්ස් රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් වුණා.
හිරුණි මෙහිදී දැක්වූ දක්ෂතාව මෙතෙක් මෙරට ක්‍රීඩිකාවක අර්ධ මැරතන් ඉසව්වේ දී දැක්වූ දෙවැනි හොඳම කාලයද වනවා. ඉකුත් වසරේ දී, හිරුණි මෙම තරගයේදීම ජයග්‍රාහිකාව වෙමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූයේ පැයයි මිනිත්තු 14 යි තත්පර 7 කින් තරගය ජය ගනිමින්.
කටාර් හී දෝහා නුවර දී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමේ අපේක්ෂාවෙන් මේ දිනවල පුහුණුවීම් සිදුකරන හිරුණි, 2020 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ද පසු වනවා.