හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ සමගි ජන බලවේගයේ සාමාජික රෙහාන් ජයවික්‍රම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අද(06) කොටුව ජනාධිපති මන්දිරය අසල තවත් පිරිසක් සමඟ විරෝධතාවයේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට පැමිණ විරෝධය පළ කළාය.
ඇය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය යුතු යැයි ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් බස් රථයකට නංවාගෙන පොලිස් ආරක්ෂාව ඇතිව රැගෙන ගිය අතර ඉන් අනතුරුව ජනාධිපති නිල නිවස දෙසට දිවෙන චැතම් වීදිය අසලට රැස්ව සිටි පිරිසට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.