හිරුණිකාට ඇප දෙයි

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනකු පොලිස් ඇප මත මුදාහැර ඇත.

ජනාධිපති මන්දිරයට පිවිසෙන මාර්ගයේ ගමන්කරමින් සිටිය දී ඇය ඇතුළු සුළු පිරිසකගේ ගමනට බාධා කරමින් ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයේ ඇති විශාල ගේට්ටුවක් වසා දැමිණි. ඇයට එහි ඇතුළුවීමට නොදුන් බැවින් තමන් ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බවත්, තමන්ට යන්න නොදෙන්නේ නම් හිරුණිකා පැමිණි බව ජනාධිපතිවරයාට කියා මෙතැනට එන්න කියන්න යැයි කියමින් ඇය එම ස්ථානයේ රැඳී සිටියාය.

මේ අවස්ථාවේ දී පෙිලිසයි විසින් ඇයව අත්අඩංගුවට ගෙන රැගෙන යන ලදී.

පොලිසිය පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මංමාවත් අවහිර කිරීමේ චෝදනාවට වරදකරු බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published.