පොලිස් නිලධාරින් හිරුණිකාගේ හිරිඔතප් බිඳියි

පොලිස් නිලධාරීන් විසින් තමාගේ ඇතුළු සමඟි වනිතා බලවේගයේ කාන්තාවන්ගේ හිරිඔතප් බිඳීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

පසුගිය 02 වැනිදා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පැවති විරෝධතාවය අතරතුරේ දී තමන් ඇතුළු පිරිස එම සිද්ධියට මුහුණ දුන් බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය කියා සිටියේ.

තමා සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස එම විරෝධයට සහභාගී වූ අවස්ථාවේදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තමන් සමඟ පැමිණි කාන්තාවන් දෙදෙනෙකුටද අසභ්‍ය වචනයෙන් බැනවැදී ශාරීරිකව හිරිහැර කර ඇති බව ඇය ඇය ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්.

විරෝධතාවය පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ අංක සහ වීඩියෝ සාක්ෂි පවතින බවත් බැවින් මෙම රජය තුළදී හෝ වෙනත් රජයක් යටතේ එම පොලිස් නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,

“සාමාන්‍යයෙන් එවැනි විරෝධාතවලදී යම් තෙරපීමක් සිදුවෙනවා, පිරිමි ද ගැහැණු ද කියලා නැහැ, එහෙන් මෙහෙන් අතපත ගානවා,එකට කමක් නැහැ.එවැනි අවස්ථාවක අපිට ඒක පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි,හැබැයි අපේ පිලෙන් එහා පැත්තේ ඉන්නේ පොලිසියනේ,එයාලට චර්යා ධර්ම පද්ධතියක් මඟින් එවැනි අවස්ථාවක හැසිරෙන්න ඕනා ආකාරය පිළිබඳව කියලා දීලා තියෙනවා, එහෙම තියෙද්දී පොලිසිය එදින හැසිරුණු ආකාරය හෙළාදකිනවා.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *