තමන් කවුදැයි නැවත මතක් කර දෙමින් මාලිංග නවසීලන්ත ඉනිම වනසයි (Video)

ශ්‍රී ලංකා නවසීලන්ත තුන් වැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගන්න හැකිවුණේ ලකුණු 125ක් පමණයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු කඩකරවන සිදුවීමක් වුණා.

කෙසේ වෙතත් මේ වන විට සුපිරි පන්දු යැවීමක නියැලෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන්න ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් වී තිබෙනවා. ඒ කඩුළු ත්‍රිත්වයක්ද ඇතුළුව නවසීලන්ත කඩුලු 5ක්ම දවාගැනීම මගින්. මාලිංගගේ මේ සුවිශේෂී පන්දු යැවීම නිසා මේ වනවිට නවසීලන්ත කණ්ඩායම ලකුණු 31ට කඩුලු 5ක්‍ දැවී අන්ත අසරණ තත්ත්වයක පසුවෙනවා.

කඩුළු ත්‍රිත්වය ලබාගැනීමෙන් නොනැවතී පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් ලබාගන්නත් මාලිංග සමත් වූ නිසා එක්දින සහ විස්සයි විස්ස තරඟ දෙකේම මෙම දස්කම දැක්වූ එකම ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසගත වනු ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *