HND සිසුන්ට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන්ට අද (21) කොළඹදී පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී ය.

අද (21) දින සංවිධානය කර තිබෙන මෙම පාගමනට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබුණි.

ඒ කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

නමුත් විරෝධතාකරුවන් අදාළ පාගමන සංවිධානය කර තිබුණි.

You May also like

Leave a Reply

Your email address will not be published.