ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් ‘එජාප මන්ත්‍රී ‘ගෝඨාභය ඝාතනයට සැළසුම හදපු හැටි

ජනාධිපති ඝාතනය කළ හොත් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර ප්‍රදේශයේ දේශපාලන නායකයකු මුදල් ලබා දීමට කැමැත්තෙන් සිටි බව අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට සඳහන් කර තිබෙනවා.

“මගේ යාළුවෙක් ඉන්නවා අනුරාධපුරේ යූ.එන්.පී. එකේ පාර්ලිමේන්තු ඉන්න. මිනිහා වියදම් කරනවා. ” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

වාලච්චේන ඔට්ටාමාවඩි, මිරාචෝඩ් ප්‍රදේශයේ පදිංචි හකීම් මොහොමදු රිෆ්කාන් නමැති මෙම පුද්ගලයා පසුගිය කාලයේදී ෆේස්බුක් ගිණුම් කිහිපයක් හරහා සිය මතවාදය පැතිරවීමට කටයුතු කර තිබෙනවා.

වාර්තා වන අන්දමට ඔහුට විවිධ නම්වලින් ෆේස්බුක් ගිණුම් 4ක් තිබී ඇති අතර ඒවා හරහා විවිධ මතවාද කණ්ඩායම් නිර්මාණය කරගන්නා රිෆ්කාන්ට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ගිය එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් හරහාම සම්බන්ධවී තිබෙනවා.

වාලච්චේනේ සිට රිෆ්කාන් කටුනායකට එන්නේ පසුගිය ජනාධිපතිවරණ උණුසුමේය. එලෙස පැමිණෙන රිෆ්කාන් මහන මැෂින් ක්‍රියාකරුවකු ලෙස ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සතියක් පමණ සේවය කොට ඉන් ඉවත් ව තිබෙනවා.

වාලච්චේන පොලිසිය ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරිෂණ සඳහා සහය නොදෙන බව වාර්තා වනවා.

“අපි තවම ඉතින් බලනවා. අපි නෙවෙයිනේ ඕවා හොයන්න ඕන සී.අයි.ඩී. එකනේ” වැනි පිළිතුරු ඔවුන් ලබා දෙන බවයි එම වාර්තා මගින් සඳහන් වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *