ශ්රී ලංකාවේ අවසාන රජු යැයි හඳුන්වාගත් රෙමිජස් කනගරාජා නමැත්තෙක් ඊයේ (21) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ තිබෙනවා.
යාපනයේ රජු යැයි හඳුන්වාගත් ඔහු තමාට අවසාන රජු වූ සංකිලිගෙන් පසු යාපනයට උරුමකම් ඇති බව එහිදී සඳහන් කර ඇති බව වාර්තා වනවා.
නෙදර්ලන්තයේ පදිංචි කනගරාජා රජ ඇඳුමින් සැරසී සිටි අතර තමාගේ රජ උරුමය ඇත්තේ යාපනයේ බව සඳහන් කර තිබෙනවා.
රෙමිජස් කනගරාජා නැමති මෙම පුද්ගලයා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේ මුල් වරටයි.
මෙම තැනැත්තා සමඟ පැමිණි ස්විට්සර්ලන්තයේ පදිංචි ශ‍්‍රී ලාංකික කාන්තාවක් පැවසුවේ ඔහුට මරණීය තර්ජන එල්ල වී ඇති බවයි.
එහෙත් කොටි හිතවාදියකු කියා සිටියේ ඔහු නෙදර්ලන්ත අවන්හලක සේවය කර පසුව සුනාමි සමයේ යුනිසෙෆ් නිලධාරියකු ලෙස ද කටයුතු කළ බවයි.