අත්ලාන්තික් සාගරයේ පිහිටි බහමාස් දූපතට බලපෑ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවත් Abaco දූපත්වල සමහර කොටස් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් එරට අගමැති Hubert Minnis පවසනවා.
සුළි කුණාටුව බහමාස් දූපත පුරා ව්‍යාප්ත වීමෙන් පස්සේ එතනින් නොනැවතී කුණාටුව ෆ්ලොරිඩා වෙරළට සමාන්තරව ගමන් කරන බවක් එරට මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.
මෙවැනි මහා විනාසයක් කරමින් බහමාස් දූපත පුරා ව්‍යාප්තවූ මේ සුළි කුණාටුව පැයට සැතපුම් 110 (පැයට කි.මී. 177) වේගයකින් පැතිර ගොස් ඇති බවයි පැවසෙන්නේ.