ඉන්දියානු බෝම්බ ප්‍රහාරයෙන් පාකිස්‌තානයේ ජාවා ගම්මානයේ පිහිටි ජයික් මොහොමඩ් ආගමික පාසලට හානි සිදුව නොමැති බව චන්ද්‍රිකා ඡායාරූප වලින් සනාථ වී තිබෙනවා.
එම ප්‍රහාරවලින් මෙම පාසලට හානි සිදුවූ බවයි පකිස්තානය සඳහන් කර තිබුණේ.
අමරිකාවේ සැන්ට් ප්‍රැන්සිස්‌කෝ නුවර ප්ලැනට් ලැබ් රසායනාගාරය මාර්තු 4 දා මෙම චන්ද්‍රිකා ඡායාරූප ගෙන තිබෙනවා.
චන්ද්‍රිකා ඡායාරූපවල කිසි තැනක බෝම්බ ප්‍රහාර වලින් හානිවූ දරුවන් දක්‌නට නැතැයි චන්ද්‍රිකා ඡායාරූප නිරීක්‍ෂක ජෙප්රි ලුවිස් අනාවරණය කර තිබෙනවා.