පකිස්තානයේදී අල්ලා ගත් නියමුවාට පහර දීලා – ඉන්දීය ජනතාව කෝපයට පත්වේ

පාකිස්‌තානයේදී බිම හෙළනු ලැබූ ඉන්දීය යානාවේ නියමු වින්ග් කමාන්ඩර් අබිනන්දන්ට කාශ්මීර් වැසියන් පහර දෙමින් ඇදගෙන ඒමේ සිද්ධිය ගැන ඉන්දීය ජනතාව කෝපයට පත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා,

එහෙත් පාකිස්‌තානය පවසන්නේ සිරකරුවන්ගේ අයිතිය මත ඔහුට උපරිම ලෙස සැලකූ බවයි.

අබිනන්දන් පැදවූ මිග් 21 ප්‍රහාරක යානාව කඩාවැටුණු ප්‍රදේශයේ සිටි කාශ්මීර් ජාතිකයන් විසින් පහර දෙන අවස්‌ථාවේ හමුදාව මැදිහත් වී ඔහු බේරාගෙන තිබෙනවා.

මෙම මිග් යානාවේ තිබී රහස්‌ ලියවිලි කීපයක්‌ද පාකිස්‌තානය සොයාගෙන ඇති අතර පාකිස්‌තාන් ගුවන් හමුදාව පැවසුවේ අත්අඩංගුවට ගනු ලැබූ නියමුවා ඉන්දීය සූර්ය කිරන් ගුවන් කරණම් කණ්‌ඩායමේ දක්‍ෂ නියමුවකු බවට හෙළිවූ බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *