ප්‍රහාරවල සියලු තොරතුරු දන්නේ ඉල්හාම්ගේ බිරිඳයි – අන්තවාදී කටයුතු සඳහා සහාය දී ඇත්තේ ඇයයි

කිංස්බරි හෝටලයට ප්‍රහාරය එල්ල කළ ව්‍යාපාරිකයෙක් වන ඊබ්‍රාහීම් නැමැත්තාගේ පස් වැනි දරුවා වන ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම්ට වඩා අන්තවාදී කටයුතු සඳහා සහාය දී ඇත්තේ ඔහුගේ බිරිය බවට පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

අන්තවාදී අදහස් දරන්නියක වූ ඇය මරාගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බව කල් තියාම දැන සිටින්නට ඇතැයි විමර්ශකයන්ගේ විශ්වාසයයි.

ඉල්හාම් බෝම්බය පුපුරවා හැරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙමටගොඩ මහාවිල උද්‍යානයේ පිහිටි ඔහු පදිංචිව සිටි නිවස සොයාගෙන එන්නේ පිපුරුම වූ ස්ථානයේ වැටී තිබුණු ජාතික හැඳුනුම්පතේ ලිපිනය ඔස්සේයි.

බෝම්බකරු කවුරුන්දැයි ඒ වන විටත් පොලිසිය නිශ්චිත ව දැන නොසිටි අතර කිංග්ස්බරි බෝම්බ පිපිරුමට එම නිවසේ ඇති සම්බන්ධය තහවුරු වන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිවු දෙනෙක් එම නිවසට ගොස් ඉල්හාම්ගේ බිරිද ෆාතිමා ජබ්රිගෙන් ප්‍රශ්න කරන්නට සූදානම් වූ අවස්ථාවේදී නිවසේ තිබුණු බොම්බයත් පුපුරවා ගැනීමට පසුවයි.

විසි පස් වියැති ඇය ඒ එල්ල කරන්නේද එසේ මෙසේ බෝම්බ ප්‍රහාරයක් නොව කිලෝ 15ක 20ක පමණ පුපුරන ද්‍රව්‍ය ඇටවූ බොම්බයකි.

එම බෝම්බයෙන් ගැබිනියක වූ ඇය මිය යන්නේ සිරුරේ කැබලිවත් එකතු කර ගන්නට නොහැකි වන ලෙසිනි.

ඇගේ දරුවන් තිදෙනාද බොම්බ පිපුරුමෙන් මිය යන්නේ මළ සිරුරක් වත් හඳුනාගන්නට නොහැකි වන ලෙසිනි.

එම ප්‍රහාරයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *