බලාපොරොත්තු තබා සිටි ‘ක්‍රීඩකයන් හතරක්’ ලෝක කුසලානයෙන් ඉවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීම සඳහා සළකා බැලීමට නියමිතව සිටි ක්‍රීඩකයෝ සිවුදෙනෙක් ආබාධයන්ට ලක්ව ඇති බව වාර්තා වනවා.

මෙම ක්‍රීඩකයන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, තුන් ඉදිරියව් ක්‍රීඩකයන් වන අසේල ගුණරත්න සහ දසුන් ශානක මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර යන සිවුදෙනාම මේ වන විට විවිධ ශාරීරික ආබාධයන්ට ලක්ව තිබෙනවා.

දසුන් ශානක සහ අසේල ගුණරත්න ‘සුපිරි’ පළාත් තරගාවලියට ඇතුළත්ව සිටිය ද ආබාධ හේතුවෙන් ඉවත්වීමට සිදුවූ අතර දසුන් මස් පිඬු ආබාධයකට ලක්ව සිටිනවා.

අසේල ගුණරත්න වසරකට අධික කාලයක සිට ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු ශල්‍යකර්මයකට ලක්වූ අතර කුසල් ජනිත්, දකුණු අප්‍රිකානු සංංචාරය අතරතුරදී කලව පසුපස මස් පිඬු ආබාධයකට ලක්ව සිටිනවා.

ළහිරු කුමාර පාදයේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු මේ මස 20 වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට සහභාගි වීමට නියමිතව සිටියි.

ආබාධයන්ට ලක්ව සිටි වේග පන්දු යවන්නන් වන නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර පළාත් තරගාවලියට සහභාගි වන නමුත් එහිදී ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව වැඩි සැළකිල්ලක් යොමු කරන බව තේරීම් කමිටුව පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *