IDH රෝහලෙන් දරුවා සමග පැන්න ‘කොවිඩ් වැළඳුනු කුඩු ජාවාරම්කාරිය’ අල්ලා ගනී

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පළාගිය කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයක සිටියදී ගම්වාසීන් විසින් සොයා ගත් පොලීසිය විසින් තහවුරු කලා.

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා (19) රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණා.

පසුව ඊයේ (20) ඇයගේ දරුවා සොයා ගැණුනේ ඇයගේ ඥාතීන් සමග සිටියදී.

වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාව අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කලා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *