60%ක් බූස්ටර් මාත්‍රාව ලබා ගත්තොත් රට සාමාන්‍ය තත්ත්වයට

කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව සියයට 60ක පමණ පිරිසක් ලබා ගතහොත් කොවිඩ් වයිරසයේ පාලනයකින් යුතුව රට සාමාන්‍යකරණයක් යටතේ පවත්වාගෙන යා හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය. බූස්ටර් එන්නත මේ වන විට ගෙන තිබෙනුයේ සියයට 20ක පිරිසක් පමණක් බව ද ඒ මහතා කියා සිටියේය.

ඔමික්‍රොන් නව ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජනතාව බූස්ටර් එන්නත ගැනීම ඉතා වැදගත් බවත් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මේ එන්නත් මාත්‍රාව ගැනීමට හැකි බවත් ඒ මහතා කීය.

විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා බූස්ටර් මාත්‍රාව ගැනීම වැදගත් යැයි ද හෙතෙම පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *