පශ්චාත් මැතිවරණ සමය තුළදීත් මැතිවරණ නීති උල්ලංඝනය කලොත් වැඩ වරදී

පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ රැස්වීම් සහ පෙළපාළි පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම කාලසීමාව තුළද දිවයිනේ නීතිය හා සාමය රැකීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිය රාජකාරි කටයුතුවල නියැළෙමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

පශ්චාත් මැතිවරණ සමය තුළදීත් මැතිවරණ නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.