“නීතිපතිගේ දෙබිඩි පිළිවෙතක්..ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා ” – දැඩිව දෝෂාරෝපණය කරමින් ජනාධිපති කොමිසම කී දේ

නීතිපතිවරයා විසින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින්, නීති වෘත්තියේ ආචාර ධර්ම නොතකා කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියා කිරීමට සිදුවන බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඊයේ (30) දැනුම් දුන්නා.

නීතිපතිවරයා සිටින්නේ මෙම කොමිසම හමුවට පැමිණ ප්‍රශ්න මතු කිරීමට නොව ඊට සහාය දැක්වීමට බව යළි අවධාරණය කරමින් සභාපති විනිසුරුවරයා එසේ ප්‍රකාශ කළා.

දේශපාලනික වශයෙන් පළිගැනීමට ලක්ව, ඊට සාධාරණයක් ලබා දෙන මෙන් ඉල්ලා හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ දී සභාපති විනිසුරුවරයා එසේ ප්‍රකාශ කර සිටියා.

තාරක සෙනෙවිරත්න මීට ඉහත දී ලබා දුන් සාක්ෂිවලින් මතු වූ යම් යම් කරුණු පිළිබඳව විමසීමට අවශ්‍ය බවට නීතිපතිවරයා නියෝජනය කරමින් කොමිසම හමුවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශානක විජේසිංහ අවසර ඉල්ලා සිටියා.

එහි දී ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් සභාපතිවරයා අවධාරණය කළේ නීතිපතිවරයා තමන්ගේ කාර්යභාරය කුමක්ද යන්න අවබෝධ කර ගත යුතු බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *