ගෝඨාගේ ඉක්මන් කමින් එජාපයේ 41කට පෙන්ෂන් නෑ

පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මාර්තු මස 02 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හැටනව දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වනවා.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හතලිස් එකකට විශ්‍රාම වැටුප අහිමි වනු ඇති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දාහතකට, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අටකට හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට මෙසේ විශ්‍රාම වැටුප අහිමි වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *