කුඩු විකුණන පොලිස් නිලධාරියාව දුටුවොත් කියන්න – නාකොටික් කුඩු ජාවාරමේ නියමුවා ඔහුයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන දැනට සැඟව සිටින එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

49 හැවිරිදි සමන් වසන්ත කුමාර නැමති වැලිවේරිය – කිරිකත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවල පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත්, සැඟව සිටින මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජනතාවට තොරතුරු ලබාදීමට දුරකථන අංක දෙකක් ද හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 0718591767 හෝ 011 24 22 176 යන දුරකථන අංක ඇමතීමෙන් ජනතාවට ඔහු පිළිබඳ තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අදාළ පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය ද මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නිලධාරීන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන හෙට දිනය දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා.

අදාල පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය පහතින්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *