ලිපිකරුවෙකුගේ පුතෙක් වන තමන් මව හෝ පියා නොමැතිව ගොඩනගා ගත් ප්‍රතිරූපය කුහක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් විනාශ නොකරන ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.
දුප්පත් පවුලකින් පැමිණි තමන් දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගත්තේ ඉතා අසීරුවෙන් බවයි සීතාවක ජනාධිපති විදුහලේදී ඊයේ (06) පැවති උත්සවයක දී ඔහු කියා සිටියේ.
වැසී යාමට තිබූ පාසලක් ස්මාර්ට් පාසලක් බවට තමන් පත් කළ අතර එහි දෙමාපියන්ගේ ඉල්ලීමට සහ විදුහල්පතිවරයාගේ එකඟත්වයට පාසලේ නම වෙනස් කර ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
රාහුල විද්‍යාලය ලෙසින් මාදිවෙල ප්‍රදේශයේ පිහිටි මෙම පාසැල ඉසුර විදුහල ලෙස වෙනස් කිරීමට ඔවුන් ඉල්ලා සිටි අවස්ථාවේ තමන් විරුද්ධත්වය පළ කළ ද ඒකමතික තීරණයකින් නම් වෙනස් කිරීම පාසල් සංවර්ධන සමිතිය කටයුතු කළ බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
ඉසුර යනුවෙන් මෙලෙස නම් තබන ලද්දේ තමන්ගේ නම නොවන බවත් ඉසුර දේවප්‍රිය ක්‍රීඩාංගනය පමණක් තමන්ගේ නමින් සඳහන් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
තත්ත්වය එසේනම් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ඉසුරු පාසල් යන නමද වෙනස් කිරීමට සිදුවන බව කියා සිටි ප්‍රධාන අමාත්‍යවරයා ළමුන්ට ඉසුර යනුවෙන් දැමීමට නොහැකි වන බවද සඳහන් කළා.
පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයාගේ දැනුවත්කම අනුව තමන් මෙලෙස නම වෙනස් කළ බව සඳහාන් කර ඇතත් එය අසත්‍ය ප්‍රකාශයක් බවත් ඔහු පෙන්වා දුන්නා.
මහ නායක හිමිවරුන් අනු නායක හිමිවරුන් මෙම නම් වෙනස් කිරීමට විරුද්ධතාවය පළ කරන බව ආණ්ඩුකාරවරයා සඳහන් කළ ද උන් වහන්සේලා එවැනි කරුනක සම්බන්ධයෙන් අවදානය යොමු කළා නම් තමන්ගෙන් ඍජුව ප්‍රශ්න කරන බවද පෙන්වා දුන්නා,
මේ අතර මාදිවෙල ඉසුර විද්‍යාලයේ දෙමාපියන් සහ ආදී සිසුන්ගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ව්තිබෙනවා.
එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ ඉසුර යනු ප්‍රධාන අමාත්‍යවරයාගේ නම නොවන බවයි.
කිසි දිනක තම දරුවකු හෝ පාසලට ඇතුළත් නොකරන පිරිසක් මෙන්ම මේ විදුහල අසලින් ගමන් නොගත් පිරසක් මෙලෙස අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සෞභාග්‍ය යන්න මෙම නමින් සංකේතවත් වන බවත් එම නම ඉදිරිපත් කළේ වසා දැමීමට සුදානම් වූ පාසලකට ළමුන් ඇතුළත් කිරීමට කිසිවෙකුත් උනන්දු නොවන නිසා බවත් එම පිරිස සඳහන් කර තිබෙනවා.