ඉම්රාන්ගේ ගිණුම් පරීක්ෂාවට

පාකිස්තාන-ටෙහෙරික්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ සේවකයින් කිහිප දෙනෙකුගේ ගිණුම්වලට අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලැබීම පිළිබඳ අනාවරණයත් සමඟ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ වත්කම් සහ ආදායම් ප්‍රකාශ පරීක්ෂා කිරීමට පාකිස්තානයේ ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

තහීර් ඉක්බාල්, මොහොමඩ් නෝමන් අෆ්සාල්, මොහොමඩ් අර්ෂාඩ් සහ මොහොමඩ් රෆීක් ලෙස හඳුනාගෙන ඇති PTI පක්ෂයේ මධ්‍යම ලේකම් කාර්යාලයේ සේවකයින් සිව් දෙනෙකුගේ බැංකු ගිණුම් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

PTI සේවකයින්ගේ පෞද්ගලික ගිණුම් වෙත අතිවිශාල මුදල් සම්භාරයක් පැමිණීමේ වාර්තා පාකිස්තාන රාජ්‍ය බැංකුව විසින් ද විමර්ශනය කරමින් සිටින අතර සාක්ෂි අනුව අත්අඩංගුවට ගැනීම් ද සිදුවනු ඇති බව ද පැවසේ.

රජයේ ආරංචි මාර්ගවලට අනුව 2013 සිට 2022 දක්වා PTI විදේශ අරමුදල් පිළිබඳ වාර්තා ද මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.

වාර්තා පිළිබඳ අධිකරණ පරීක්ෂණයන් ස්වාධීන විගණකවරුන් විසින් සිදු කරනු ලබන අතර ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA) සහ ෆෙඩරල් ආදායම් මණ්ඩලය (FBR) ඔවුන්ගේ මට්ටමින් වාර්තා ලබා ගැනීමෙන් පසු අදාළ ක්‍රියාමාර්ග ගනු ඇතැයි මූලාශ්‍ර වැඩිදුරටත් පවසයි.

PTI පක්ෂය සහ ඉම්රාන් ඛාන්ගේ ජාත්‍යන්තර බැංකු ගිණුම් වාර්තා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත ලිපියක් ලිවීමට ද රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published.