එජාප ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කිරීමට පමා වුවද සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා වෙනුවෙන් ජනපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට එම පාර්ශ්වය මේ වනවිටත් කටයුතු කර තිබේ.
ඒ වෙනුවෙන් සැලසුම් කළ ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් වෙත පැවැරීමට තීරණය වී තිබේ.
එම තනතුර සඳහා ඇමැති හෝ මන්ත්‍රි ධුරයක් නොදරන පූර්ණ කාලීනයකු පත් කළ යුතුය යන එකඟතාව මත එම පත් කිරීම සිදු කිරීමට තීරණය කර ඇතැයි එම පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ජනපතිවරණ මෙහෙයුම් කමිටුවේ කාර්ය මණ්ඩල ප්‍රධානීන් ලෙස නීතිඥ රවි ජයවර්ධන සහ සිතේන්ද්‍ර සේනාරත්න මහත්වරුන් පත් කිරීමට යෝජනා වී තිබේ.
එකී දේශපාලන අංශය මෙහෙයවීම රවි ජයවර්ධන මහතා වෙතටත් මෙහෙයුම් කළමනාකරණ සිතේන්ද්‍ර සේනාරත්න මහතා වෙතටත් පැවරීමට යෝජනා වූ බවද ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් සේනාරත්න මහතා මේ වනතෙක් තමන්ගේ සහභාගිත්වය තහවුරු කර නැතැයිද වාර්තා වේ.
එමෙන්ම මැතිවරණ මෙහෙයුම් කටයුතුවලදී පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවීම කබීර් හෂීම් හා අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරුන්ට පැවරිය යුතු බවද එහිදී යෝජනා වී ඇත.
මේ වනවිටත් එම ක්‍රියාකාරි සැලැස්ම අනුව සංවිධාන කටයුතු සිදුකිරීම කළමනාකරණය කෙරෙමින් පවතින බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
ශිරාන් රණසිංහ