‘නැන්දා සුව නින්දේ ..දියණියන් තවමත් නැහැ ආවේ..’ – අසර්බයිජානයේදී අනතුරට පත් දියණියන්ගේ සොවින් පිරි නිවසට ගියෙමු

තම සොයුරාගේ දියණියන් දෙදෙනා අසර්බයිජාන්, අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වූ පුවත අසා රෝගාතුරව ජිවිතයෙන් සමුගත් 50 හැවිරිදි සුජීවා ප්‍රියංකා නැමති තිදරු මවගේ දේහය මේ වනවිට අවසන් කටයුතු සඳහා එම නිවසේ තැන්පත් කර තිබෙනවා.

විතක්ෂයට පත්වූ පිළියන්ද බෝකුන්දර මහවත්ත පාරේ 375/01 නිවසේ පදිංචිව සිටි විසි තුන් හැවිරිදි මල්ෂා සන්දීපනී සහ විසි තුන් හැවිරිදි පට්ටියගේ තාරුකී අමායා යන සොයුරියන් දෙදෙනාගේ නැන්දා ඇයයි.

මල්ෂා සන්දීපනී සහ පට්ටියගේ තාරුකී අමායා යන සොයුරියන්ගේ නිවසට TRUENEWS.LK වාර්තාකාරිනිය ගිය විට දරුවන්ගේ පියා වන නිශාන් සංජිව සඳහන් කළේ “මට ඔච්චරයි හිටියේ.වටිනාම දේ හොරු අරගෙන ගියා.ආයෙත් නොලැබෙන්න සියල්ල අහිමි වුණා.

මට ඊයේ උදේ හතට විතර කෝල් එකක් ආවා බබ්මලපිටිය ඒජන්සියෙන් .දරුවන් සිටි නිවසේ ගින්නක් ඇති වෙලා.මුකුත් දරුවන්ට වෙලා නෑ කිව්වා.මට අමුත්තක් දැනුනා.මම යාලුවෙකුට ඇමතුමක් දුන්න විට දැන ගත්තා මගේ දරුවන් සහ මිතුරිය මිය ගිහින් කියලා.

මම ඒ ආරංචිය අක්කට කිව්වා විතරයි එයා අසනීප වුණා.කොතලාවල ආරක්ෂක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළත් බේරා ගන්න බැරි වුණා.

එයාට දරුවන් තිදෙනෙක් ඉන්නවා.එක් දරුවෙක් ආබාධිත මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙනවා.” යනුවෙනුයි.

මෙම දැරියන් කැස්බෑව ධර්මසේන ආටිගල විදුහලෙන් සහ ලුම්බිණි විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති අතර ඔවුන් චෙස් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ බව නිවසේ ඇති පදක්කම් වලින් සනාථ වුණා.

(අයි.එදිරිසිංහ )

 

 

                                                තාරුකී අමායා
                දරුවන්ගේ පියා වන නිශාන් සංජිව

 

                               මල්ෂා සන්දීපනී
                                                     ජිවිතයෙන් සමුගත්   සුජීවා ප්‍රියංකා

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.