IOC ඉන්ධන මිල ඉහළ දැම්මත් ‘ඔක්ටේන් 92 පෙට්‍රල් මිලට’ සාධාරණයක්

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව රුපියල් 99කට ඔවුන් අලෙවි කළ ලංකා ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103ක් වන අතර රුපියල් 118ක්ව පැවැති සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 126ක් වනවා.

ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ගණන් ඉහළ නංවා නොමැති අතර එම මිල රුපියල් 131ක් වනවා.

IOC සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර මෙතෙක් රුපියල් 150ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155ක් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *