අන්තර්ජාලයෙන් ‘පහසු ණය යෝජනා ක්‍රම හරහා’ මූල්‍ය වංචා කරන හැටි

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු කිහිපයක් අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහි සභාපති සසිරු කුරුවිටගේ පවසන්නේ මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී ඔවුන්ගේ සංගමයට නිරීක්ෂණය වී ඇති බවයි.

මෙවැනි වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා ‘අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම’ වැනි ක්‍රම හරහා සමාජ මාධ්‍ය අඩවි තුල සිදුවන බවක් අනාවරණය වී ඇති අතර මෙම මුල්‍ය වංචා මෙහෙයවන්නන් බොහෝමයක් තම බැංකු ගිණුමට හෝ වෙනත් විද්‍යුත් මුදල් ක්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මුදල් ලබාගෙන ඔවුන් විසින් පොරොන්දු වූ අදාළ සේවාව ලබාදීමට කටයුතු කරනු නොලබන බව ඔහු පවසයි

තවද සමාජ මාධ්‍ය පිටු මගින් පරිශීලකයන්ට සපයන ‘පහසු ණය යෝජනා’ ක්‍රම හරහා පරිශීලකයන්ගේ බැංකු දත්ත වක්‍රාකාරයෙන් ලබාගැනීමට කටයුතු කරන බවක්ද ඇති බව නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *