වර්තමාන තත්ත්වය යටතේ IVS වීසා අයදුම් මධ්‍යස්ථානය හරහා ඉන්දීය වීසා අයදුම්පත් භාරගනු ලබන්නේ ජූලි 4 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පමණක් බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
මහ කොමසාරිස් කාර්යාලයේ වීසා සේවා ලබා ගන්නා ශ්‍රී ලාංකිකයන්ගේ සහ අනෙකුත් ජාතිකයන්ගේ පහසුව මෙන්ම සේවකයන් මුහුණ දෙන ප්‍රවාහන ගැටලු ද සැලකිල්ලට ගනිමින් වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත්, සඳුදා (ජූලි 04) අයදුම්පත් භාර නොගැනේ.
මෙම දින මහ කොමසාරිස් කාර්යාලය විසින් නම් කර ඇති නිවාඩු දිනයක් වේ නම් වීසා සේවාවන් ලබා ගත නොහැකි වනු ඇත.
වීසා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයවලුන් නැවත දැනුම් දෙන තෙක් IVS මධ්‍යස්ථානයෙන් කළින් වේලාවක් වෙන් කරගෙන ඉහත සඳහන් දිනයන් හිදී පමණක් වීසා අයදුම්පත් භාර දෙන ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටියි.