කලාපීය ගැටුමක් අත ළඟ – ඉන්දීය යානාවලට පහර දෙන්න පාකිස්ථාන යානා ගුවන් ගත කරයි

ඉන්දියාව ‘මිරාජ් ටූ තවුසන්ඩ්’ ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් අද (26) අලුයම පාකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට ප්‍රහාර මාලාවක් එල්ලකර විනාශ කර තිබෙනවා.

ඉන්දීය හමුදාව සඳහන් කරන්නේ අද අලුයම 3.30 ට පමණ මෙම ප්‍රහාරය දියත් වූ බවයි.

කිලෝග්‍රෑම් දහසක් බර බෝම්බ හෙළීමෙන් පාකිස්ථාන දේශසීමාවේ පිහිටි ත්‍රස්ත කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒම වාර්තා සඳහන් කළේ, අදාළ ත්‍රස්ත කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් නැමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණුකිරීමේ කඳවුරක් බවයි.

මේ අතර ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට පාකිස්ථාන හමුදාව චෝදනා කර තිබෙනවා.

ඉන්දීය ගුවන් හමුදාව සිය දේශසීමාව උල්ලංඝනය කිරීම හමුවේ තම ගුවන් හමුදාව ද කඩිනමින් සිය ප්‍රහාරක ජෙට් යානා පිටත්කර යැවූ බවයි පාකිස්ථාන ගුවන් හමුදාව ද පවසන්නේ.

කෙසේවෙතත් ඉන්දීය ගුවන් යානා ඒ වනවිටත් ආපසු පිටත්ව ගොස් තිබූ බවද පාකිස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *