වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා,ඉන්දීය මධ්‍යම රජය විසින් ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයට මෙගා වොට් 207 ක අතිරේක බලයක් වෙන් කර ඇතැයි වාර්තා වේ.
මධ්‍යම විදුලිබල අමාත්‍යාංශයට අනුව, මෙම පියවර එක්සත් භූමි ප්‍රදේශයේ විදුලිය ලබා ගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩි කරනු ඇත.
මේ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව, ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ත්වාර් දිස්ත්‍රික්කයේ චෙනාබ් ගඟ ආශ්‍රිතව ඉදි කෙරෙන මෙගාවොට් 540 ක්වාර් ජල විදුලි ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 4,526 ක ආයෝජනය අනුමත කර ඇතැයි පැවසේ.
කැබිනට් රැස්වීමෙන් පසු නිකුත් කරන ලද නිල ප්‍රකාශයට අනුව සියයට 90 ක් විශ්වාසනීය මෙම ව්‍යාපෘතිය ඔස්සේ වසරක් තුළ ඒකක මිලියන 1975 කට ආසන්න විදුලිය ජනනය කරනු ඇත.
ඉන්දියානු රජය මීට අමතරව ජම්මු කාශ්මීර ප්‍රදේශයේ යටිතල පහසුකම් සක්‍රීය කිරීමේ පිරිවැය සඳහා රුපියල් කෝටි 69 ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් පුද්ගලයන් 2,500 කට පමණ සෘජු හා වක්‍ර රැකියා ලැබෙනු ඇති අතර ජම්මු සහ කාශ්මීර් එක්සත් ප්‍රදේශයේ සමස්ත සමාජ හා ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් වනු ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.