ඉන්දියාව සහ පාකිස්තානය අතර මතුව ඇති අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ධාතුන් වහන්සේලාට ප්‍රදර්ශනයකට බාධා එල්ල වී වී තිබෙන බව truenews.lk වෙත් වාර්තා වනවා.
ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය මත මෙම පිංකම පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.
පාකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් මේ සඳහා ධාතුන් වහන්සේලා වැඩම කරවීමට නියමිතව තිබුණා.
එහෙත් ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම්දී තිබුණේ පාකිස්තානයෙන් ධාතුන් වහන්සේලා වැඩම කරවන්නේ නම් තම රට ශ්‍රී ලංකාව සඳහා ධාතුන් වහන්සේලා ලබා නොදෙන බවයි.