වසර දෙකක‍ට පසු ඉන්දියා තුර්කි සබදතා යහපත් අතට

මතභේදයට තුඩු දී ඇති මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීර ප්‍රදේශය පිළිබඳ තුර්කි ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් සබඳතා පළුදු වීමෙන් වසර දෙකකට වැඩි කාලයකට පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ෂැංහයි කලාපීය සමුළුවට සමගාමීව තුර්කි ජනාධිපති තායිප් එර්ඩොවාන් හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

2020 මුල් භාගයේදී, පාකිස්තානයේ සංචාරයක යෙදී සිටි එර්ඩොවාන් කාශ්මීරයේ තත්වය නරක අතට හැරෙමින් පවතින බව පැවසීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක් දැක්වීම සඳහා ඉන්දීය රජය තුර්කි තානාපතිවරයා කැඳවීමෙන් තුර්කියේ ප්‍රතිචාරය විවේචනය කරනු ලැබීය.

උස්බෙකිස්තානයේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) කලාපීය ආරක්ෂක කණ්ඩායම් සමුළුවට සමගාමීව එර්ඩොවාන් සමඟ අතට අත දෙන ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවියේ පළ කරමින් මෝදිගේ කාර්යාලය ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කළේ, “විවිධ අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීමට නායකයින් දෙදෙනා සාකච්ඡා කළ බවයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය වාර්තාකරුවන් සමඟ බෙදාගත් සමුළුව සඳහා වූ මෝදිගේ තාවකාලික කාලසටහනට මෙම හමුව ඇතුළත් නොවිණි.

අමාත්‍යාංශය පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික වෙළඳාමේ මෑත කාලීන ජයග්‍රහණ අගය කළ අතර කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බවයි.

තිරිඟු සැපයුම කඩාකප්පල් කරමින් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඉන්දියාවෙන් තවත් තිරිඟු මිලදී ගැනීමට තුර්කිය මෙහිදී එකඟ වී ඇත.

එමෙන්ම තුර්කිය ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සහල් ගණුදෙනුකරුවෙකු ද වේ.

You May also like

Leave a Reply

Your email address will not be published.