ඉන්දීය වියට්නාම සබදතා වසර 50 ක් සැපිරීම වෙනුවෙන් අලුත් වැඩක්

ඉන්දියාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ හවුල්කාරීත්වයෙන් ඒකාබද්ධ ලාංඡනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

2022 ජුනි 17 වන දින නවදිල්ලියේ පැවති ආසියාන්-ඉන්දියා විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහ වියට්නාමයේ විදේශ අමාත්‍ය එච්.ඊ බුයි තාන් සන් විසින් ඉන්දීය වියට්නාම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් පිරීම නිමිත්තෙන් මෙම ඒකාබද්ධ ලාංඡනය නිකුත් කිරීමට කටයුතු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

ඉන්දියාව හා වියට්නාමය එක්ව රටවල් දෙකේම ජාතිකයන් සහභාගී වූ විවෘත තරඟයක් ඔස්සේ මෙම ලාංඡනය තෝරා ගැනීමට කටයුතු කර තිබිණි.

ඉන්දියාව හා වියට්නාමය අතර දිගුකාලීන මිත්‍රත්වය නිරූපනය කිරීම සඳහා දෙරටේ ජාතික වැදගත්කමක් ඇති පක්ෂීන් දෙදෙනෙකු යොදාගත් තෝරාගනු ලැබූ ලාංඡනයට, වසර 50 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ එහි මධ්‍යයේ ඇති ඉන්දියාවේ සහ වියට්නාමයේ ජාතික ධජ දැක්වීම සඳහා අංක 50 ද ඇතුළත් විය.

ඉන්දු පැසිෆික් කලාපයේ චීනයේ ආක්‍රමණශීලී සහ ව්‍යාප්තවාදී ප්‍රතිපත්ති පිළිබඳව දෙරට එක සේ සැලකිලිමත් වන අතර 2016 සිට ආරක්ෂක හවුල්කාරීත්වය දෙරට අතර සබඳතාවල ප්‍රධාන කුළුණක් බවට පත්ව තිබේ.

එමෙන්ම කොවිඩ් 19 වසංගතය තුළ චීනය කේන්ද්‍ර කරගත් සැපයුම් දාම කෙරෙහි ගෝලීය කළකිරිමෙන් පසු ආසියාවේ විකල්ප සැපයුම් දාමයක් නිර්මාණය කිරීම සඳහා නැගී එන ආර්ථිකයන් සහිත රටවල් ලෙස ඉන්දියාව සහ වියට්නාමයට පුළුල් හැකියාවක් පවතින බව වාර්තා පවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published.