විශේෂ ගුවන් යානාවක් යැවීමට ඉන්දියාව විසින් සිදුකළ ඉල්ලීම පාකිස්ථානය ඉවත දමයි (Photos)

පාකිස්ථානය විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වත්මන් යළි සිය රට රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානාවක් යැවීමට ඉන්දියාව විසින් සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පාකිස්ථාන රජය පියවර ගෙන තිබෙනවා.

ඉකුත් 27 වෙනිදා ජම්මු හා කාශ්මීර දේශ සීමාව ආසන්නයේදී ඇතිවූ සටනින් ඉන්දීය ගුවන් යානා දෙකක් බිම හෙළීමට පාකිස්ථාන ගුවන් හමුදාව සමත්වූ අතර එහිදී වින්ග් කමාන්ඩර් අභිනන්දන් පැදවූ ගුවන් යානය පාකිස්ථාන දේශ සීමාවට ඇද වැටීමෙන් පසු ඔහු අත්අඩංගුවට පත්වුවා.

කෙසේ වෙතත් අද (01) දිනයේදී වින්ග් කමාන්ඩර් අභිනන්දන් වත්මන් ඉන්දු-පාකිස්ථාන “වාගා දේශ සීමාවේදී” භාර දීමට නියමිතව තිබෙනවා. ඔහු පිළිගනිම සඳහා මේ වන විට ඉන්දියානු දේශ සීමාව ආසන්නයේ විශාල සිවිල් වැසියන් හා ආරක්ෂක හමුදා පිරිසක් රැඳී සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සෑම දිනකම පවත්වනු ලබන ධජ අඩකුඹ කිරීමේ උත්සවය පැවැත්වීමේ හමුදා ආචාර පෙළපාලිය හේතුවෙන් “වාගා දේශ සිමාව” ඉන්දු-පාකිස්ථාන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන සිටිනවා.

India wanted to send plane to bring back IAF pilot Abhinandan, Pakistan refused

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *