අභ්‍යාවකාශයේ රැඳවූ චන්ද්‍රිකාවක් මිසයිල ප්‍රහාරයකින් විනාශ කරමින් ඉන්දියාව ඊයේ (28) අත්හදා බැලීමක් කර තිබෙනවා.
මෙලෙස චන්ද්‍රිකාවක් මිසයිල ප්‍රහාරයකින් විනාශ කර අත්හදා බලා ඇත්තේ චීනයෙන් හෝ පාකිස්තානයෙන් එල්ල විය හැකි තර්ජනයකට මුහුණදීමට බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු අභ්‍යාවකාශ විද්‍යාඥයන් මෙය විවේචනයට ලක්කරමින් සඳහන් කර ඇත්තේ එමගින් අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය එක්රැස්වීම ඉහළ යන බවයි.
අභ්‍යාවකාශයේ චන්ද්‍රිකාවලට හානි කර ක්‍රියාකාරකම් සිදුනොකිරීමට එකඟත්වයක් පැවතුණ ද ඉන්දියාව සඳහන් කළේ හානිය අවම කිරීම සඳහා තමන් පියවර ගත් බවයි.