ධීවර කර්මාන්තයට බලපෑම්.. මුහුදු ජීවින්ට ගැටලු.. දකුණු ඉන්දීය සාගර කලාපය තුළ මළ මුහුදක් නිර්මාණය වීමේ අවදානමක්

දකුණු ඉන්දීය සාගර කලාපය තුළ මළ මුහුදක් නිර්මාණය වීමේ අවදානමක් මතුවෙයි

ඉන්දීය සාගර කලාපයට අනගාතයේදී දැඩි බලපෑමක් එල්ල විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප‍්‍රකාශ කරනවා.

දකුණු ඉන්දිය කලාපය තුළ මළ මුහුදක් නිර්මාණය වීමේ අවධානමක් මතු වීමයි ඊට හේතු වන්නේ.

මුහුදු ජීවින්ට ගැටලු මතුවීමේ හැකියාවක් එමගින් පවතිනවා.

ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට ද එය බලපාන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

මෙම මළ මුහුදු කලාපය පවතින්නේ ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 500ක් පමණ එපිටින්.

ඒ හේතුවෙන් ඍජුව ශ‍්‍රී ලංකාවට බලපෑමක් එල්ල නොවන බවයි අධිකාරිය සඳහන් කරන්නේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *