පාකිස්ථානයට අයත් ඩ්‍රෝන යානයකට ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
රාජස්ථාන් දේශ සීමාව ආසන්නයේදී ඉන්දීය ගුවන් හමුදාව විසින් අදාල ප්‍රහාරය එල්ල කර එම ඩ්‍රෝන යානාව විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තොරතුරු ලබාගැනීම සඳහා දේශ සීමා ආසන්නයේ ඉන්දීය සහ පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබුණි.
කෙසේවෙතත් දෙරට අතර පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දීය ගුවන් හමුදාව අදාල ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වන්නේය.