ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම රැකියාවල නිරත විදේශිකයින් වන්නේ, චීන ජාතිකයන් බව සාමාන්‍යයෙන් රට තුළ ඇති මතය වුවත්, ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම රැකියාවල නිරත වන්නේ ඉන්දීය ජාතිකයන් බව හෙළිව තිබෙනවා.
එසේම ලක්ෂයකට අධික විදේශිකයන් ශ්‍රී ලංකාවේ රැකියාවල නිරත වන බවට විවිධ මත පළ වුවත් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන පරිදි ශ්‍රී ලංකාවේ මේවන විට රැකියාවල නියැළී සිටින්නේ, රටවල් 23ක පුද්ගලයන් 26,434 දෙනෙකු පමණක් බවයි.
චීන ජාතිකයන් දෙස සැමගේ අවධානය යොමු වුව ද, මෙම ප්‍රදේශයේ කම්කරුවන් ලෙස කටයුතු කරන ඉන්දීය සහ බංගලාදේශ ජාතිකයන් ද සිය ගණනක් සිටිනවා.
පෙනුමෙන් ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින් සමාන නිසා ඔවුන් ගැන එතරම් අවධානයක් යොමු නොවේ.