ශ්‍රී ලංකාව ලකුණු 186ක් මේවනවිට පසුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද (14) දෙවන දිනයයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 235ක් රැස් කළා. ඒ අනුව කඩුළු 9ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 186ක් මේවනවිට පසුපසින් සිටිනවා.

ඊයේ (13) දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 49ක් රැස් කර ගෙන සිටියා. නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 28යි. ඕෂධ ප්‍රරනාන්දු නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 17ක්.

ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු නොලබා දැවී ගියේ ඩෙල් ස්ටේන්ගේ පන්දුවක් හමුවේයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *