Skip to content

කොග්ගලට යළිත් කොවිඩ් අවදානම – කම්හල් දෙකකම ආසාදිතයන් හමුවේ

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් නිකුත් වූ පී.සී.ආර්. වාර්තාවලට අනුව තවත් කෝවිඩ් ආසාදිතයන් සිව් දෙනෙක් සහ මීට කලින් කෝවිඩ් ආසාදිතයන් හමුවූ ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් එක් ආසාදිතයෙක් සමගින් කර්මාන්ත පුරයෙන් නව කෝවිඩ් ආසාදිතයන් පස්දෙනෙක් වාර්තා වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසුවා.

මෙම කෝවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහලේදී සහ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස වේද රසායනාගාරයේ දී සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණ වලට අනුව යි.

මෙම ආසාදිත එයින් රජ්ගම කහඳ බද්දේගම සහ කඹුරුපිටියේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බවද වෛද්‍ය සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

මෙම රෝගීන් සියලුම දෙනා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා පැවසුවා.

ඒ අනුව මේ වන විට ඉකුත් සතිය තුළ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකකින් කෝවිඩ් ආසාදිතයන් 11 ක් සොයාගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Designed using . Powered by WordPress.