ත්‍රස්ත කල්ලිය සමග සම්බන්ධතා පැවැත්වූ ‘ප්‍රකට ව්‍යාපාරික පවුලේ’ තවත් සාමාජිකයෙක්

තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලිය සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන ප්‍රකට ව්‍යාපාරික පවුලක් වන ඊබ‍්‍රාහිම් පවුලේ තවත් සාමාජිකයකු බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඞ් හෝටල්වල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉන්සාෆ් ඊබ‍්‍රාහිම් සහ ඉන්හාට් ඊබ‍්‍රාහීම්ගේ මස්සිනා (නැගණියගේ සැමියා) බව විමර්ශනවලින් හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.

මොහු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ඊබ‍්‍රාහිම් සොහොයුරන් සමඟ ඉතාම සමීපව කටයුතු කර ඇති බව ද අනාවරණය වී ඇති අතර මෙම සැකකරු මොරටුව ප්‍රරදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

බම්බලපිටිය ප්‍රදේශයේ දෙමහල් නිවසක සිටියදී ඔහු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටිනවා.

සැකකරුගේ බැංකු ගිණුම්වලට, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ඉන්සාෆ් ඊබ‍්‍රාහිම් වරින්වර විශාල මුදලක් තැන්පත් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇති බව වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *