පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් පරික්ෂාවට – තිදෙනෙක්ට කොවිඩ්

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසක් මේ දක්වා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කර ඇති බව පොලීසිය පවසනවා.

එහිදී ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

මේ අතර ලබන බ්‍රහස්පතින්දා (28) දිනයේ සිට ඉරිදා දිනය දක්වා බස්නාහිරින් පිටවන සියලුම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ස්ථාන 11කදී එම පරික්ෂණ ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *