විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නෞකාවට වහාම පිටවන ලෙස දැනුම් දීමක්

හම්බන්තොට වරායට අනවසරයෙන් ඇතුළුවූ විකිරණශීලි ද්‍රව්‍ය රැගත් චීන නෞකාවකට වහාම පිටවන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් සඳහන් කළේ තම සභාවේ අනුමැතියකින් තොරව අදාළ නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වී ඇති බවයි.

නෙදර්ලන්තයේ සිට චීනය බලා ධාවනය වෙමින් තිබියදී එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අදාළ නෞකාව වරායට පැමිණ ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *