ලංකාවේ කාන්තා කාර්ය මණ්ඩලයක් උඩු ගුවනට ගෙනගිය පළමු යානය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද කාන්තා කණ්ඩායමකින් සමන්විත ගුවන්යානයක් සිංගප්පූරුව බලා පියාසර කරවීමට කටයුතු යොදා තිබුණා.

මෙම ගුවන්යානයේ සිටින කාර්යමණ්ඩලය සියල්ලන්ම කාන්තාවන් වීම මෙහි විශේෂත්වය වන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව මෙවැනි කාර්යමණ්ඩලයක් සහිත යානයක් ගුවන්ගත වන පළමු අවස්ථාව මෙයයි.

UL 306 එම යානය අද උදෑසන සාර්ථකව සිංගප්පූරුව වෙත ගොඩබා තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් අද(08) දිනයේ එයාර් ඉන්දියා ගුවන් සේවය චෙන්නායි සිට කටුනායක බලා ධාවනය කළ ගුවන් යානයක සම්පූර්ණ කාර්ය මණ්ඩලය කාන්තාවන්ගෙන් සමන්විත වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *