එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයෙකු සහ කණ්ඩායමේ වෛද්‍ය නිලධාරිනියක අතර සිදුවූ බව කියන අයුතු හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම චෝදනාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මේ වන විට කණ්ඩායමේ කළමනාකරු ලෙස ක්‍රියා කරන අෂන්ත ද මෙල් මහතාට දැනුම් දී ඇති බවයි.
මාධ්‍යවල පළවූ වාර්තාවල සත්‍යාසත්‍යතාව සොයා බැලීම සඳහා එලෙස වාර්තාවක් ඉල්ලා සිටි බව එම නිවේදනයේ දැක්වෙනවා.
යම් හෙයකින් මාධ්‍යවල පළවූ වාර්තාවල දැක්වෙන පරිදි යම් වරදක් සිදුවූ බව අදාළ වාර්තාවෙන් තහවුරු වුවහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයුතු හැසිරීම් සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොදක්වන අතර යම් වරදක් වූ බව ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.