පොදු ප්රවාහන සේවාවන් තුළ ලිංගික අඩන්තෙට්ටම් කරන පුද්ගලයන් හඳුනා ගත හැකි ආකාරයේ නව උපාංගයක් ජපානය විසින් හඳුන්වා දී තිබෙනවා.
අදාල උපාංගය යොදාගෙන ලිංගික හිංසනය සිදු කරන පුද්ගලයාට නොපෙනෙන සහ නොදැනෙන ලෙස සලකුණු කිරීමට චූදිතයාට මේ ඔස්සේ අවස්ථාව හිමි වනවා.
අදාල උපකරණයේම සවි කොට ඇති ආලෝක ධාරාවක් මාර්ගයෙන් ඇසට නොපෙනෙන සලකුණ හඳුනා ගැනීමට හැකියාව පවතිනවා.
අදාල උපකරණය නිර්මාණය කල ජපාන සමාගම පවසන්නේ දුම් රිය සේවාවන් තුල සිදුවන ලිංගික හිංසනයන් අවම කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බවයි. කෙසේ වෙතත් මේ ගැන අදහස් පළ කරන ලිංගික අපරාධ පිළිබඳ එංගලන්ත ක්රියාකරිණියක් පෙන්වා දෙන්නේ ලිංගික හිංසනයන් පිළිබඳ සමාජය තුළ බියක් ඇති කරමින් මේ සමාගම් වෙළෙඳ වාසි ලබා ගන්නා බවයි.