රට තුළ මහජනතාව දැඩි ඉන්ධන හිඟයකට මුහුණ පා සිටි අවස්ථාවේ සෑම දිනක ම නො කඩවා ඉන්ධන ලබා දෙන ත්රිකුණාමල චීන වරාය ලංකා ඉන්දියානු තෙල් ගබඩා සංකීර්ණය අසල පිහිටි IOC ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඊයේ උදෑසන සිට රාත්රී වන තෙක් ම මෙම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කර තිබෙනවා.
ඉන්ධන නොලැබුණු යම් පිරිසක් ත්රිකුණාමල – මඩකලපුව ප්රධාන මාර්ගය අවහිර කර ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ප්රධාන පිවිසුම් මාර්ගය අවහිර කිරීමට යාමේ දී එයට විරුද්ධ වූ චීන වරාය ගම්වාසීන් විසින් එම ස්ථානයෙන් විරෝධතාකරුවන් ඉවත් කළ බව යි වාර්තා වන්නේ.
පසු ව විරෝධය පෑ පිරිස නැවතත් පැමිණ ලංකා ඉන්දියානු තෙල් සමාගම ඉදිරිපිට පිවිසුම් මාර්ගය අවහිර කිරීමත් සමඟ එතැනට ආරක්ෂක හමුදාව සහ පොලිසිය පැමිණ තිබෙනවා.
එම නිසා සිදු වීමට ගිය විශාල ගැටුමක් නිරාකරණය කිරීමට හැකි වී ඇති අතර, එම ඉන්ධනහල අසල මේ වන විට දැඩි ආරක්ෂාවක් ද යොදා ඇති බව සඳහන්.